Thursday, April 25, 2024

General line - 0115112241

ජනපතිට විශේෂ ජාත්‍යන්තර සම්මානයක්




ශ්‍රී ලංකාවේ වකුගඩු රෝග නිවාරණය වෙනුවෙන් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉටුකරන මෙහෙවර අගයමින් වකුගඩු රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ ජාත්‍යන්තර සංවිධානය ජනාධිපතිතුමා වෙත විශේෂ සම්මානයක් පිරිනැමුවා.

ඊයේ (19) පස්වරුවේ කොළඹ ගෝල්ෆේස් හෝටලයේ පැවති උත්සවයකදී ජනාධිපතිතුමා වෙත මෙම සම්මානය පිරිනැමුණේ එම සංවිධානයේ සභාපතිනි මහාචාර්ය Adeera Levin අතින්.

ශ්‍රී ලංකාවේ වකුගඩු රෝග නිවාරණය වෙනුවෙන් ජාත්‍යන්තරව දක්වන දායකත්වය අගයමින් මහාචාර්ය Adeera Levin වෙත සහ වකුගඩු රෝග නිවාරණය වෙනුවෙන් ඉටු කරන දායකත්වය අගයමින් විශේෂඥ වෛද්‍ය තිලක් අබේසේකර, වෛද්‍ය ජෝරිජි ඒබ්‍රහම්, වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ අධ්‍යක්ෂ අසේළ ඉද්දවෙල යන අය වෙත උපහාර තිළිණ පිරිනැමීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා.

අමාත්‍යවරුන් වන රවී කරුණානායක, මහින්ද සමරසිංහ, පාඨලී චම්පික රණවක, ජොන් අමරතුංග, අර්ජුන රණතුංග ඇතුළු මැති ඇමතිවරුන් ද, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති අතුල් කේෂප්, වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ සන්නාම තානාපති ගොල් ෆේස් හෝටල් සමූහයේ සභාපති සංජීව ගාඩිනර් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

he-www-nethnews-lk001 he-www-nethnews-lk002 he-www-nethnews-lk003 he-www-nethnews-lk004 he-www-nethnews-lk005 he-www-nethnews-lk006 he-www-nethnews-lk007 he-www-nethnews-lk008 he-www-nethnews-lk009 he-www-nethnews-lk010 he-www-nethnews-lk011 he-www-nethnews-lk012 he-www-nethnews-lk013 he-www-nethnews-lk014 he-www-nethnews-lk015 he-www-nethnews-lk016