Tuesday, April 23, 2024

General line - 0115112241

ඇෆ්ගන් – ඉන්දියා යොවුන් අවසන් පූර්ව ගැටුම අද




ආසියානු යොවුන් කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථානය අතර අද (20) පැවැත්වෙනවා. ඒ, දිවා රාත‍්‍රී තරගයක් ලෙස කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදීයි.

එම තරගය පස්වරු 2.30ට ආරම්භ වනවා. ඉන්දීය කණ්ඩායම මූලික වටයේදී තමන් සහභාගි වූ තරග තුනම ජයගැනීමට සමත් වුණා. ඇෆ්ගනිස්තානය මූලික වටයේදී පාකිස්තාන කණ්ඩායම ලකුණු 21කින් පරාජය කරමින් පෙරළිකාර ජයක් වාර්තා කළා.

ආසියානු යොවුන් කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය බංග්ලාදේශය සහ ශ‍්‍රී ලංකාව අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී හෙට (21) පැවැත්වීමට නියමිතයි.