Thursday, April 18, 2024

General line - 0115112241

ජර්මනියේ නත්තල් වෙළෙඳපොළකට ලොරියක් කඩාවැදී 12ක් මරුට (VIDEO)




ජර්මනියේ බර්ලින් නුවර නත්තල් වෙළෙඳපොළක් තුළට ලොරි රථයක් කඩාවැදීමෙන් සිදුවූ අනතුරෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තිබෙනවා.

බී.බී.සී. ලෝක සේවය පැවසුවේ තවත් පුද්ගලයින් 48 දෙනෙකු පමණ අනතුරෙන් තුවාල ලබා ඇති බවයි.

සිද්ධියට සම්බන්ධ එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් අනතුරෙන් ලොරි රථයේ රියදුරා ද මියගොස් ඇති බවයි දැනට සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

_93037767_a376a5bc-be15-49b3-8c82-d80c2db496fc _93038330_036961265-1 _93038334_036961177-1 _93038335_036961346-1 _93038491_mediaitem93038490 _93038521_mediaitem93038520