Saturday, April 20, 2024

General line - 0115112241

නේපාල යොවුන් ක‍්‍රිකට් පිලට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයෙන් තෑගි (PHOTOS)




ආසියානු යොවුන් ක‍්‍රිකට් තරගාවලියේදී ශ‍්‍රී ලංකා පිලට එරෙහිව තියුණු සටනක් ලබාදුන් නේපාල යොවුන් ක‍්‍රීඩකයින්ට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ක‍්‍රීඩා උපකරණ කට්ටල ත්‍යාග වශයෙන් ලබා දී තිබෙනවා.

ශ‍්‍රී ලංකා යොවුන් ක‍්‍රීඩකයින් මෙම තරගය ජයගත්තේ එක් ලකුණකින්. මෙම තරගයේදී නේපාල ක‍්‍රීඩකයින් කැපීපෙනෙන දක්ෂතා දැක්වූවා.

මෙම ක‍්‍රීඩා උපකරණ ක‍්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාලගේ ප‍්‍රධානත්වයෙන් ලබාදුන් අතර ඉදිරියේදීත් නේපාලයේ ක‍්‍රිකට් දියුණුව උදෙසා සිය සහාය ලබාදෙන බවයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සඳහන් කළේ.

cricket-1 cricket-2 cricket-3