Friday, March 29, 2024

General line - 0115112241

ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකාවේ ජනාධිපති බව යළි තහවුරු වෙයි




ඇමෙරිකාවේ 45වැනි ජනාධිපතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප් බව යළිත් වරක් තහවුරු වී තිබෙනවා.

ඒ, ඇමෙරිකානු මැතිවරණ කොලේජ වලින් ඡන්ද 270ක් ලැබීමෙන් අනතුරුවයි. ඔහු වෙනුවෙන් කැමැත්ත පළ කළ මැතිවරණ විද්‍යාල නියෝජිතයන් ඒ බව නිළ වශයෙන් ප්‍රකාශ කර ඇත.

මෙය සාම්ප්‍රදායික කටයුත්තක් වුවත් රුසියාව සයිබර් ප්‍රහාර හරහා ප්‍රතිඵලය වෙනස් කර ඇති බවට එල්ල වූ චෝදනා නිසා මෙවර ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු වුණා.

ඇමෙරිකානු ජනපතිවරණයෙන් සති 06කට අනතුරුව ලැබූ මෙම ජයග්‍රහණය පිළිබඳව ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් පණිවිඩයක් ඔස්සේ සතුට ප්‍රකාශ කර තිබුනා.

එම පණිවිඩය පහතින් දැක්වේ

donald-trump