Friday, April 19, 2024

General line - 0115112241

පළාත් පාලන මැතිවරණය ගැන ජනපති කතා කරයි




පළාත් පාලන මැතිවරණය ලබන වසරේ අපේ‍්‍රල් හෝ මැයි පැවැත්වීමට හැකිවනු ඇතැයි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.

ඒ, ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ දිස්ති‍්‍රක් සහ ආසන සංවිධායකවරුන් සමග පැවති විශේෂ සාකච්ඡාවකදීයි.

මෙම සාකච්ඡාව අද (20) දහවල් කොළඹ පදනම් ආයනයේදි පැවති අතර එහිදී වැඩි අවධානයක් යොමු වූයේ පළාත් පාලන මැතිවරණය පිළිබදවයි.

මෙම සාකච්ඡාව සඳහා සහභාගි වූ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ හෝමාගම ආසන සංවිධායක, බස්නාහිර පළාත් අමාත්‍ය ගාමිණී තිලකසිරි මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

එහිදී ඔහු සඳහන් කළේ “ජනාධිපතිතුමා පළාත් පාලන මැතිවරණය ගැන කතා කරමින් සඳහන් කළේ කිසිඳු ආකාරයකින් ඡන්දෙ පැවැත්වෙන්නේ..අනුපාත ක්‍රමයට නෙමෙයි කියලයි. කොට්ඨාශ ක්‍රමයටයි පැවැත්වෙන්නෙ කියලා කිව්වා. ඒ නිසා සංවිධායකවරු ඒ පිළිබඳව අවබෝධයෙන් කටයුතු කරන්න කියලා කිව්වා.” යනුවෙනි.