Thursday, March 28, 2024

General line - 0115112241

තරගය ජය පැරදුමෙන් තොරව අවසන්




ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ දකුණු අපි‍්‍රකානු ආරාධිත කණ්ඩායම අතර පැවති තුන්දින පුහුණු කි‍්‍රකට් තරගය අද (20) ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකා පිළ සියලු දෙනා දැවී ලකුණු 373 යි.

දකුණු අපි‍්‍රකානු ආරාධිත කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 289 කට සීමා වුණා.

පන්දු යැවීමේදී නුවන් ප‍්‍රදීප් සහ ලහිරු කුමාර කඩුලු 3 බැගින් බිද හෙළු අතර ඇන්ජලෝ මැතිව්ස්ද කඩුලු 2 ක් දවා ගත්තා.

දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දුන් ශී‍්‍ර ලංකාව කඩුලු 5 කට ලකුණු 212 යි. දිනේෂ් චන්දිමාල්, උපුල් තරංග හා කුසල් ජනිත් පෙරේරා මෙහිදී අර්ධ ශතක රැස් කිරීමට සමත් වුණා.