Tuesday, April 23, 2024

General line - 0115112241

“සත්තුන්ට ‘වී’ නොදුන්නා නම් අපිට හාල් ඉතිරි වෙනවා”




සත්ත්ව ආහාර සඳහා වී නිකුත් නොකලා නම් සහල් පිටරටින් ගෙන්වීමට අවශ්‍ය නොවන බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා.

එහි මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් පැවසුවේ නියගය මුවාවෙන් විෂය භාර අමාත්‍යවරයා සහල් පිටරටින් ගෙන්වීමට කටයුතු කරන බවයි.

එහිදී හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ “පී. හැරිසන් ඇමතිතුමා.. වී අතිරික්තයක් තියෙනවයි කියලා.. වී මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයක් සත්ත්ව ආහාර සඳහා විකිණීමට කටයුතු කළා. හැබැයි ජනතා විරෝධය හමුවේ ඔහුට විකුණ ගන්න පුළුවන් වුණේ වී මෙට්‍රික් ටොන් අනූදහසකට ආසන්න ප්‍රමාණයක් පමණයි. ඒ කියන්නේ ආසන්න වශයෙන් හාල් මෙට්‍රික් ටොන් හැටදහසක්. දැන් ආනයනය කරන්නෙ හාල් මෙට්‍රික් ටොන් දහදහායි. ආණ්ඩුව වී වගාව කරදරයක් හැටියටයි සළකන්නෙ.” යනුවෙනි.