Wednesday, April 24, 2024

General line - 0115112241

මෙක්සිකෝවේ පිපිරීම තවමත් අභිරහසක්! 29ක් මරුට (VIDEO)




මෙක්සිකෝවේ අගනුවර ගිනිකෙළි වෙළදසැල් ආශි‍්‍රත ප‍්‍රදේශයක සිදුවූ ප‍්‍රබල පිපිරීමට නිශ්චිත හේතුවක් තවමත් අනාවරණ වී නැහැ. මෙම පිපිරීමෙන් ජිවිතක්‍ෂයට පත්වූ සංඛ්‍යාව 29 ක්. ඔවුන්ගෙන් බහුතරයක්ම ජීවිතක්‍ෂයට පත්ව තිබුණේ පිළිස්සුම් තුවාල හේතුවෙන්. ඒ අතරද බහුතරය ළමුන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පිපිරීමෙන් පසුව ගිනිකෙළි විශාල ප‍්‍රමාණයක් අහසට විසිරී පිපිරී යන ආකාරයේ දැක්වෙන වීඩියෝ දර්ශනද මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

”””””””””””””””””””””

මෙක්සිකෝවේ ප‍්‍රබල පිපිරුමක්! 26ක් මරුට

Dec 21, 2016 @ 06:43

මෙක්සිකෝවේ අගනුවර ගිනිකෙළි වෙළදසැල් ආශි‍්‍රත ප‍්‍රදේශයක ප‍්‍රබල පිපිරුමක් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍යය මීට නොබෝ වේලාවකට පෙර වාර්තා කළේ පිපිරීමෙන් පුද්ගලයින් 26 දෙනෙකු ජිවිතක්‍ෂයට පත්ව ඇති බවයි. තවත් සැලකිය යුතු පිරිසක් තුවාල ලබා ඇතැයි ද සදහන්. කෙසේවෙතත් මෙම පිපිරීම කෙසේ සිදුවූවක් දැයි මෙතෙක් තහවුරු කර ගෙන නැහැ.

02

iamge

වැඩි විස්තර සඳහා CNN බලන්න…