Friday, March 29, 2024

General line - 0115112241

“අද මධ්‍යම රාත‍්‍රියේ සිට සේවයට එන්න”




තැපැල් වෘත්තීය සමිති විසින් ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය අද (21) මධ්‍යම රාත‍්‍රී 12.00 න් අවසන් වීමට නියමිතයි.

එම නිසා සියලු තැපැල් සේවකයින්ට අද මධ්‍යම රාත‍්‍රියේ සිට සේවයට වාර්තා කරන්නැයි ඒකාබද්ධ තැපැල් පෙරමුණ ඉල්ලීමක් කරනවා.

සංගමයේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මේ බව සඳහන් කළා.

තම ඉල්ලීම් සම්බන්ධයෙන් අද පස්වරුවේ තමන් ඇතුළු පිරිස ජනාධිපතිවරයා වෙත ලිපියක්ද යොමු කළ බව චින්තක බණ්ඩාර සඳහන් කළා.