Friday, March 29, 2024

General line - 0115112241

සූර්යය විදුලි බලාගාරයකින් මෙගාවොට් 10ක ධාරිතාවක් ජාතික පද්ධතියට




හම්බන්තොට බරුත්තන්කන්ද ප්‍රදේශයේ ඉදිකෙරුණු සූර්යය විදුලි බලාගාරයකින් මෙගාවොට් 10ක ධාරිතාවක් ඊයේ ජාතික පද්ධතියට එක්කෙරුණා.

ඒ, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටියගේ සහ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරාගේ ද සහභාගිත්වයෙන්.

මෙම සූර්ය විදුලි බලාගාරය LOLC සමූහයේ සාගා සෝලා පවර් සමාගම විසින් ඉදිකර තිඛෙනවා.

ඊට අයත් භූමි ප්‍රමාණය අක්කර 45ක්.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කියා සිටියේ සූර්ය බලශක්තිය ප්‍රවර්ධනය කිරීම රට හමුවේ ඇති විදුලිබල අර්බුදයට ද විසඳුමක් වන බවයි.

පෞද්ගලික අංශය ද ඊට එක්වීම සතුටට කරුණක් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.