Tuesday, April 23, 2024

General line - 0115112241

සිංගිමලේ රක්ෂිතයේ ගින්නක්




හැටන් සිංගිමලේ රක්ෂිතයේ බටහිර ප‍්‍රදේශයේ ගින්නක් හටගෙන තිබෙනවා.

අද (22) පස්වරුවේ හටගත් මෙම ගින්න මේ වනවිටත් පැතිර යමින් පවතින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ගින්නෙන් මේ වනවිටත් අක්කර 10 ක පමණ ප‍්‍රමාණයක් විනාශ වී තිබෙනවා.

රක්ෂිතය තුළ වටිනා දැව වර්ග හා ජල මූලාශ‍්‍ර රැසක් ද පවතින බවයි වාර්තා වන්නේ. එමෙන්ම ආවේණික සතුන් රැසක් ද සිංගිමලේ රක්ෂිතය තුළ සිටින බව නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.

1 2 3 5 7 8 9