Friday, April 26, 2024

General line - 0115112241

රාජ්‍ය නත්තල් උත්සවය ජනපති ප්‍රදානත්වයෙන්




2016 රාජ්‍ය නත්තල් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) පස්වරුවේ මීගමුව මහවීදිය දේවස්ථාන පරිශ්‍රයේ දී පැවැත්වුණා.

“කිතු උපතින් නැවුම්වන මිනිසත් බවට ඉඩදෙමු”  තේමාව යටතේ පැවැත්වුණු රාජ්‍ය නත්තල් උත්සවය කැරොල් ගායනා ඇතුලු විචිත්‍රාංග රැසකින් වර්ණවත් වී තිබුණා.

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේගේ උපදෙස් හා මූලිකත්වයෙන් මෙය සංවිධානය කර තිබුණා.

2016 රාජ්‍ය නත්තල් උත්සවයට සමගාමීව දීප ව්‍යාප්තව පැවැත්වුණු නිර්මාණ තරගවල ජයග්‍රාහකයින්ට තිලිණ හා සහතික පත් ප්‍රදානය ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා.

එමෙන්ම මීගමුව ධීවර ජනතාවගේ උපහාරය ජනාධිපතිතුමා වෙත පුදකරමින් සමරු තිිලිණයක් ද පිළිගැන්වුණා.

අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, ශ්‍රී ලංකා අපෝස්තලික තානාපති අතිඋතුම් පියරේ නුයෙන් වෑන් වොට් රදගුරු හිමිපාණන් ඇතුලු පියතුමන්ලා, අමාත්‍ය ජෝන් අමරතුංග, රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක, නිමල් ලන්සා යන පිරිස සහ ප්‍රදේශවාසී ජනතාව විශාල පිරිසක් ද රාජ්‍ය නත්තල් උත්සවයට එක්ව සිටියා.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17