Friday, April 19, 2024

General line - 0115112241

විජේදාස රාජපක්ෂ ඇතුළු ඇමතිවරුන් තිදෙනෙකුගේ විෂයන් හදිසියේ වෙනස් වන ලකුණු




බුද්ධ ශාසන සහ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් තුන් දෙනෙකුගේ විෂයන් සංශෝධනය කළ යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර සාකච්ඡාවක් ඇති වී තිඛෙනවා.

අමාත්‍ය විජේදාස රාජපක්ෂ සිංහලයන්ට සිදුවන අසාධාරණයන් පිළිබඳ දිගින් දිගටම කතා කිරීම සහ සිය අමාත්‍යංශයේ කටයුතු නියමිත පටිපාටීන්ට අනුකූලවම පමණක් සිදු කිරීම මෙම සාකච්ඡාවේ දී විවේචනයට ලක්ව ඇතැයි සඳහන්.

විෂයන් සංශෝධනය කළ යුතු බවට යෝජනා වී තිඛෙන එක්සත් ජාතික පක්ෂයේ අනෙක් අමාත්‍යවරුන් දෙදෙනා ද වෙනත් අයගේ බලපෑම් සැලකිල්ලට නොගෙන ස්වාධීනව සහ නියමිත පටිපාටීන්ට අනුවම පමණක් සිය අමාත්‍යංශවල කටයුතු කරන බව මෙහි දී ප්‍රකාශ වී තිඛෙනවා.

අදාළ විෂයන් සංශෝධනය කඩිනමින් සිදු කළ යුතු බව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් මෙම සාකච්ඡාවේ දී අවධාරණය කළ බවයි දේශපාලන ආරංචි කියා සිටියේ.