Tuesday, April 23, 2024

General line - 0115112241

ක්‍රීඩා ඇමතිගෙන් නෙත් රේඩියෝවට මල් – දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමට පහසුකම්




පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන දෘශ්‍යාබාධිත ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමට පහසුකම් සැපයීමට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පොරොන්දුවක් ලබා දුන්නා.

ඒ, දෘශ්‍යාබාධිත ජාතික ක්‍රිකට් සංගමය සමග ඊයේ පැවති සාකච්ඡාවකින් පසුවයි. පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන දෘශ්‍යාබාධිත ක්‍රිකට් තරගාවලිය ලබන මාසයේ ඉන්දියාවේ දී පැවැත්වෙනවා.

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම සහභාගී වීම මුලින් පැවතියේ අවිනිශ්චිත තත්වයකයි.

ඒ, ගුවන් ටිකට්පත් සහ සෙසු පහසුකම් සපයා ගැනීමට අනුග්‍රාහකයෙකු නොමැති වීම හේතුවෙන්. නෙත් නිවුස් ඒ පිළිබඳ අනාවරණ කළ අතර බලධාරීන් ඒ කෙරෙහි සංවේදී වූයේ ද ඉන් අනතුරුවයි. ඒ සම්බන්ධයෙන් නෙත් එෆ්. එම්. රේඩියෝවට ස්තූතිවන්ත වන බව ද ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර කියා සිටියා.

ඉකුත් වසර කිහිපයේදීම අන්තර්ජාතික දෘශ්‍යාබාධිත ක්‍රිකට් තරගාවලි රැසකට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී ජයග්‍රහණ රැසක් අත්කර ගත්තා.

අවසන් වරට පැවති ලෝක කුසලාන තරගාවලියේදී ලෝකයේ තුන්වන හොඳම දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම බවට පත්වූයේද ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත කණ්ඩායමයි.