Saturday, April 20, 2024

General line - 0115112241

නත්තල් දා මෙල්බර්න් නුවර සිදුකිරීමට සැළසුම් කළ ත්‍රස්ත ප්‍රහාරයක් කල් ඇතිව වළක්වා ගැනේ




එළඹෙන නත්තල් දිනයේ දී සිදු කිරීමට සැලසුම් කර තිබූ ත්‍රස්ත ප්‍රහාරයක් කල් ඇතිව අනාවරණ කරගෙන වළක්වා ගැනීමට ඕස්ට්‍රේලියානු පොලිසිය සමත් වී තිඛෙනවා.

මෙම ප්‍රහාරය සැලසුම් කළ පුද්ගලයින් පස් දෙනෙකු අද උදෑසන කෙරුණු වැටලීමක දී අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

මෙල්බර්න් නුවර වැදගත් ස්ථාන කිහිපයක් වෙත අදාළ ප්‍රහාරය සිදු කිරීමට සැලසුම් කර තිබූ බව මේ වනවිට තහවුරු වී තිඛෙනවා.

පුපුරණ ද්‍රව්‍ය, ගිනි අවි සහ තියුණු ආයුධ ඒ සදහා යොදා ගැනීමටද සූදානම් කර තිබුණු බවයි වැඩිදුරටත් හෙළි වී ඇත්තේ.

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ශ්‍රී ලාංකිකයින් ද බොහෝ පිරිසක් ජීවත් වනවා.