Friday, March 29, 2024

General line - 0115112241

අනුරාධපුර ගමක් ලෝක උරුමයක් කිරීමට සැරසෙයි




අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලූගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හොරිවිල ඉපැරණි ගම්මානය ලෝක උරුමයක් ලෙස නම් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවධානය යොමුුව තිඛෙනවා.

එහි ආහාර සහ කෘෂිකර්ම වැඩසටහනේ ශ්‍රී ලංකා උප නියෝජිත ආචාර්ය බී. ජී. පී. විජේත්න පැවසුවේ ලෝක උරුමයක් ලෙස නම් කිරීමට අවශ්‍ය බොහෝ සාධක හොරිවිල ගම්මානයේ පවතින බවයි.

දුර්ලභ එලන්ගා පද්ධතිය, වැව් 12 ක ජලය වැවකින් වැවකට සම්බන්ධ වීමෙන් සකස් වී ඇති පිරිමැසුම්දායක ක්‍රමය, භාවිත ගොවිතැන් රටාව, හෙළ පාරම්පරික වෙදකම, ගැමියන්ගේ ආහාර රටාව සහ දේශීය සටන් කලාව ඒ අතරින් ප්‍රධාන සාධක වනවා.

වැඩිදුර අධ්‍යයනයන් සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ කෘෂිකාර්මික ජාතික උරුමයන් පිළිබඳ විශේෂඥයන් පිරිසක් ද මේ දිනවල හොරිවිල ගම්මානයට පැමිණ සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.