Friday, March 29, 2024

General line - 0115112241

මත්තල එළවළු හා පළතුරු අපනයන කේන්ද්‍රස්ථානයක් කිරීමේ යෝජනාවක්




මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල එළවළු සහ පළතුරු ඇතුළු කෘෂි නිෂ්පාදන අපනයනය කිරීම සඳහා කේන්ද්‍රයක් ලෙස සංවර්ධනය කළ හැකි බව අමාත්‍ය සාගල රත්නායක පවසනවා.

අමාත්‍යවරයා ඒ බව පැවසුවේ දෙණියාය ප්‍රදේශයේ විහාරස්ථානයක ඊයේ පැවති උත්සවයකදීයි.

තිරසාර කෘෂිකර්ම සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ගොවි පවුල් වෙත බීජ, පැළ සහ ජල බඳුන් ඛෙදාදීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධාන කර තිබුණා.

කටුනායක ගුවන් තොටුපලේ නවීකරණයන් සිදු කෙරන වකවානුවේ දී එම ගුවන් තොටුපල වෙනුවට මත්තල ගුවන් තොටුපල භාවිතයට ගැනීමට ද මීට පෙර අවධානය යොමුව තිබුණා.

එහෙත් ගුවන් සේවා ඊට එකඟ නොවූ බවයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඊයේ කියා සිටියේ.

ගුවන් සේවාවන්ට සෑහීමට පත්විය හැකි පරිදි මත්තල ගුවන් තොටුපල අවට යටිතල පහසුකම් තවදුරටත් සංවර්ධනය කිරීමට ඉදිරියේ දී කටයුතු කරන බව ද අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මෙහිදී කියා සිටියා.