Friday, April 19, 2024

General line - 0115112241

කලවංචිකුඩි වෙරළෙන් සැක සහිත වස්තුවක් හමුවෙයි (VIDEO)




නිශ්චිතව හඳුනාගත නොහැකි කිසියම් වස්තුවක් මඩකලපුව කලවංචිකුඩි කළුදාවලෙයි වෙරළ ප‍්‍රදේශයෙන් හමු වී තිබෙනවා.

නාවික හමුදාව පැවසුවේ මෙම වස්තුව අඩි 10 ක් පමණ දික්වන අතර හැඩය සිලින්ඩරාකාර බවයි.

කුඩා තටු දෙකක් වැනි යමක් එහි දක්නට ඇතැයි ද ප‍්‍රකාශ කෙරුණා. ඇතැම් අය පවසන්නේ මෙම වස්තුව ගුවන් යානයක කොටසක් විය හැකි බවයි.

කෙසේ වෙතත් ඒ බව තහවුරු කිරීමට කිසිදු සාක්ෂියක් තවමත් හමු වී නොමැති බව නාවික හමුදාව කියා සිටියා.

පොලිසිය පැවසුවේ මෙම වස්තුව මුහුදේ තිබී ගොඩගසන්නට ඇතැයි සැක කරන බවයි.

kalawanchikudi-www-nethnews-lk001 kalawanchikudi-www-nethnews-lk002 kalawanchikudi-www-nethnews-lk003 kalawanchikudi-www-nethnews-lk004 kalawanchikudi-www-nethnews-lk005 kalawanchikudi-www-nethnews-lk006 kalawanchikudi-www-nethnews-lk007 kalawanchikudi-www-nethnews-lk008