Friday, March 29, 2024

General line - 0115112241

කච්චතිව් දූපතේ නව දේවස්ථානය විවෘත කරයි (PHOTOS)




කච්චතිව් දූපතේ ඉදිකළ නව දෙව් මැදුර විවෘත කිරීම යාපනය දිසා භාර රදගුරු ජස්ටින් ඥානප‍්‍රකාශම් පියතුමාගේ හා උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේගේ ප‍්‍රධානත්වයෙන් අද (23) සිදුකෙරුණා.

යාපනය රදගුරු පියතුමාගේ ඉල්ලීම මත නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නගේ මෙහෙයවීම යටතේ නාවික හමුදා නිළධාරීන් විසින් නව දේවස්ථානය ඉදිකොට තිබෙනවා.

යාපනය ඩෙල්ෆ් දූපතට කිලෝමීටර 10 ක් පමණ දුරින් පිහිටි වර්ග කිලෝමීට 1.15 ක විශාලත්වයෙන් යුතු කච්චතිවි දූපත පිහිටා ඇති අතර, ඉන්දියානු හා ශ‍්‍රී ලංකා ධීවරයින් විසින් මහත් බැතියෙන් කච්චතිවි දේවස්ථානය වන්දනා කරන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

සෑම වර්ෂයකම පෙබරවාරි මස කච්චතිවි මංගල්ලය පවත්වන අතර දකුණු ඉන්දියානු ධීවරයින් විශාල පිරිසක් කච්චතිවි මංගල්‍යය වෙනුවෙන් සහභාගි වනවා.

නව දේවස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ඉන්දීය රාමේශ්වරන් ප‍්‍රදේශයේ ධීවරයින් 82 දෙනෙකු සහභාගි වි සිටීමද විශේෂත්වයක්.

එම අවස්ථාවට නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න , ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස් ඒ.ඒ.නටරාජා , යාපනය දිස්ත‍්‍රික් ලේකම් නාගලිංගම් වේදනයාගම් ,උතුරු විධානය භාර නාවික ආඥාපති රියර් අද්මිරාල් පියල් ද සිල්වා , යාපනය දිස්ති‍්‍රක් කිතුණු පාලක සභාවේ පියතුමන්ලා, නාවික හමුදා ප‍්‍රධානීන් , යාපනය ප‍්‍රදේශයේ ධීවරයින් ඇතුළු පිරිසක් සහභාගි වි සිටියා.

kachchathiw-www-nethnews-lk001 kachchathiw-www-nethnews-lk002 kachchathiw-www-nethnews-lk003 kachchathiw-www-nethnews-lk004kachchathiw-www-nethnews-lk001 kachchathiw-www-nethnews-lk002 kachchathiw-www-nethnews-lk003 kachchathiw-www-nethnews-lk004 kachchathiw-www-nethnews-lk005 kachchathiw-www-nethnews-lk006 kachchathiw-www-nethnews-lk007 kachchathiw-www-nethnews-lk008