Friday, March 29, 2024

General line - 0115112241

සුපිරි ඇමති පනත සංශෝධනයට අගමැති සූදානම්




සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍යවරයා සහ පළාත් ප‍්‍රධාන අමාත්‍යවරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද (23) පස්වරුවේ පැවැත්වුණා.

අදාළ පනත් කෙටුම්පතේ ඇතුළත් පළාත් සභා බලතල සීමා කෙරෙන කරුණු සංශෝධනය කිරීමට අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී එකඟතාව පළ කළ බවයි දකුණු පළාත් ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා සඳහන් කළේ.

මෙම සාකච්ඡාවට බස්නාහිර, දකුණ, ඌව සහ නැගෙනහිර පළාත් සභාවල ප‍්‍රධාන අමාත්‍යවරුන් එක්ව සිටියා.

උතුරු මැද ප‍්‍රධාන අමාත්‍යවරයා අද (23) එම පළාත් සභා රැස්වීමට සහභාගි වී සිටීම හේතුවෙන් මෙම සාකච්ඡාවට පැමිණියේ නැහැ. සෙසු පළාත් අමාත්‍යවරුන් විදේශගතව ඇති බැවින් අද එම සාකච්ඡාවට සහභාගි නොවූ බවයි බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය පැවසුවේ.