Wednesday, April 24, 2024

General line - 0115112241

මන්ත‍්‍රීවරුන් 58කට කුලී වාහන ලබාදීම නවතියි




පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 58 දෙනෙකුට අධික කුලී පදනම මත වාහන ලබාදීම තාවකාලිකව නතර කර තිබෙනවා.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර අද (23) මාධ්‍ය හමුවේ මේ බව අනාවරණ කළා.

“මේ කාරණය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය පුළුල්ව සාකච්ඡා කළා. දැනට අපි කුලියට වාහන අරන් දෙන එක තාවකාලිකව නතරකරලා තියෙනවා. හැබැයි පසුගිය ආණ්ඩුව කාලේත් අපි සංවර්ධන කටයුතු සඳහා දායක වන සම්බන්ධීකරණ කමිටුවල කටයුතුකරන මන්ත්‍රීවරුන්ට වාහනයක් ලබාදුන්නා. වාහනයක් ලබාදීමක් සිදුවෙයි, නමුත් අධික කුලියක් මත වාහන ගැනීම දැනට ක්‍රියාත්මක නොවන මට්ටමට ඇවිල්ලා තියෙනවා”.