Saturday, April 20, 2024

General line - 0115112241

ආණ්ඩුව සමග ඩීල් ගැන බොදුබල සේනා කතා කරයි




භික්ෂූන් වහන්සේ සහ බෞද්ධ සංවිධාන ගණනාවක් එල්ල කළ පීඩනය මත උතුරු නැගෙනහිර පළාතේ සිංහල බෞද්ධයන්ට සහ බෞද්ධ සිද්ධස්ථානවල පවතින ගැටලූ කිහිපයක් සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමුකර ගැනීමට හැකි වී ඇති බව බොදුබල සේනා සංවිධානය පවසනවා.

එහි මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පැවසුවේ නැගෙනහිර පළාතේ සිංහල ජනතාවගේ ගැටලූ කිහිපයකට විසඳුම් ලබාදීමට ආණ්ඩුව මේ වන විට කටයුතු කර ඇති බවයි.

එහෙත් මෙවැනි කටයුතු වෙනුවෙන් කටයුතු කරන සිය සංවිධානය ආණ්ඩුව සමග ඩීල් දමන බවට ඇතැමුන් චෝදනා කරන බවද උන්වහන්සේ පෙන්වා දුන්නා.