Friday, April 26, 2024

General line - 0115112241

දුම්රිය දෙපාර්තුමේන්තුවේ ආදායම වැඩිවෙයි




මෙම වසරේ දුම්රිය මගීන් සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව සියයට 3කින් පමණ වර්ධනය වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවේ සමස්ත ආදායම ද සියයට 2කින් ඉහළගොස් ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 2015 වර්ෂයේදී දුම්රිය දෙපාර්තමේන්තුව ලැබූ ආදායම රුපියල් මිලියන 3681ක්.

මේ වසරේදී එම ආදායම රුපියල් මිලියන 3700 ඉක්මවා ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාවක් අනාවරණ කර ඇත්තේ.