Friday, March 29, 2024

General line - 0115112241

2016 මිස්ටර් ශ්‍රී ලංකා කිරුළ ආර්.එම්.එස්. උදය කුමාරට




ජාතික කායවර්ධන ශූරතා තරගාවලිය ඊයේ පැවැත්වුණා. ඒ, කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයීය ප්‍රධාන ශ්‍රවණාගාරයේදීයි. වයස අවුරුදු 21න් පහළ ඉසව්වේ පළමු ස්ථානය හිමිකරගත්තේ එම්. රාජකුමාරන්.

එහි දෙවන ස්ථානය එච්.පී.එම්. මල්ෂාන් වීරසිංහ හිමිකරගත් අතර තුන්වන ස්ථානය බී.ජී.එම්. චතුරංග හිමිකරගත්තා. විවෘත කාන්තා අංශයේ ජයග්‍රහණය හිමිවුණේ දුලංජලී සුබසිංහටයි.

වයස අවුරුදු 45න් ඉහළ ඉසව්වේ පළමු ස්ථානය නිලංග හේවාවසම්ට හිමි වූ අතර දෙවන ස්ථානය ඩබ්ලිව්.එල්. ජයතිලකට හිමිවුණා.

තුන්වන ස්ථානය හිමිකරගත්තේ ඩී.ජී. ශාන්ත කුමාරයි. මිස්ටර් ශ්‍රී ලංකා සමස්ත ශූරතාව ශ්‍රී ලංකා යුද හමුදාවේ ආර්.එම්.එස්. උදය කුමාරට හිමිවූ අතර, ශ්‍රී ලංකා යුද හමුදාවේ ටී.එන්.යූ.කේ. තෙන්නකෝන් දෙවන ස්ථානය හිමිකරගත්තා.

15673457_10211711956820752_1665674101_n 15683148_10211711956420742_2102719478_n 15683281_10211711956460743_270729711_n 15722502_10211711956700749_663031355_n