Friday, April 19, 2024

General line - 0115112241

වායූ සමීකරණ යන්ත්‍ර නිසා ගුවන්තොටුපලේ නිලධාරීන්ට බාධා




කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපලේ පිටවීමේ පර්යන්තයේ ආගමන විගමන කවුළු ඉදිරිපිට විශාල ප්‍රමාණයේ වායූ සමීකරණ යන්ත්‍ර දෙකක් සවිකර ඇති අතර එයින් පිටවෙන අධික ශබ්දය නිසා එහි සිටින නිලධාරීන්ගේ රාජකාරියට සහ මගීන්ට බාධා එල්ලවන බව වාර්තා වනවා.

මෙම වායූ සමීකරණ යන්ත්‍ර සවිකර ඇත්තේ මීට සති දෙකකට පමණ පෙරයි.එම අධික ශබ්දය සම්බන්ධයෙන් ගුවන් තොටුපල අධිකාරියට කිහිප වරක් දැනුම් දුන්නද මේ දක්වා කිසිඳු පිළියමක් කර නැතැයිද ගුවන් තොටුපල සේවකයන් පවසනවා.

මේ සම්බන්ධයෙන් ඔවුන් පාලන අධිකාරියෙන් විමසූ විට පවසා ඇත්තේ එම අංගනයේ වායූ සමීකරණය ප්‍රමාණවත් නොවන නිසා එම විශාල යන්ත්‍ර දෙක සවිකර ඇති බවයි.