Saturday, April 20, 2024

General line - 0115112241

වැසි ඉල්ලා පොළොන්නරුවේ දී දේව පූජාවක් (PHOTOS)




වැසි ඉල්ලා සංවිධාන කෙරුණු විශේෂ දේව පූජාවක් පොළොන්නරුව සොරිවිල ශ‍්‍රී මුත්තු අම්මාන් දේවස්ථානයේ දී පැවැත්වුණා. ඒ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

මහවැලි බී හා සී කලාපවල ගොවි ජනතාව එක්ව මෙය සංවිධාන කර තිබුණා. මීට සමගාමීව අද පස්වරු 6 සිට මධ්‍යම රාත‍්‍රිය දක්වා විශේෂ පිරිත් සජ්ජායනයක් ද පැවැත්වෙනවා.

ඒ, පොළොන්නරුව ඩී. එස්. සේනානායක පිළිරුව අසළදීයි. භික්ෂූන් වහන්සේ පනස් නමකගේ සහභාගීත්වයෙන් එය සිදු කෙරෙනවා. වැසි පිරිත් සජ්ජායනයක් ද එහි දී සිදු කෙරෙනු ඇති.

polonnaruwa-www-nethnews-lk001 polonnaruwa-www-nethnews-lk002 polonnaruwa-www-nethnews-lk003 polonnaruwa-www-nethnews-lk004 polonnaruwa-www-nethnews-lk005 polonnaruwa-www-nethnews-lk006 polonnaruwa-www-nethnews-lk007 polonnaruwa-www-nethnews-lk008 polonnaruwa-www-nethnews-lk009