Friday, April 19, 2024

General line - 0115112241

ශ්‍රීලනිප සංවිධායකවරයෙක් ඉල්ලා අස්වෙයි




කරන්දෙණිය, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධුරයෙන් තමන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව හිටපු අමාත්‍ය ගුණරත්න වීරකෝන් පවසනවා.

නෙත් නිවුස් කළ විමසීමක දී ඔහු සඳහන් කළේ තමන් දැඩි කළකිරීමට පත්වීම නිසා මෙම තීරණය ගත් බවයි.

ඉකුත් පාර්ලිමේන්තු මැතිවරණයේ දී තමන්ට ජයග‍්‍රහණයක් හිමි නොවූ බවත් එම නිසා සංවිධායක ධුරයෙන් කිසිදු ප‍්‍රයෝජනයක් නොමැති බවත් ඔහු සඳහන් කළා.