Saturday, April 20, 2024

General line - 0115112241

රවිරාජ් නඩු තීන්දුවට එරෙහිව දෙමළ සන්ධානයෙන් අභියාචනයක්




හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නඩරාජා රවිරාජ් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය ලබාදුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව දෙමළ ජාතික සන්ධානය පවසනවා.

යාපනය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ. සුමන්තිරන් පැවසුවේ මෙම නඩු තීන්දුව දෝෂ සහිත බවයි.
මෙරට අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් විශ්වාසයක් නොමැති බව මෙම නඩු තීන්දුව හරහා පැහැදිලි වන බවයි මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් මෙම ඝාතනයට සිදු කළ බවට දෙමළ ජාතික සන්ධානය විශ්වාස කරන්නේදැයි නෙත් නිවුස් මන්ත‍්‍රීවරයාගෙන් ප‍්‍රශ්න කළා. එම සංවාදය පහතින් ඇසිය හැකියි.