Wednesday, April 24, 2024

General line - 0115112241

නෙත් විශේෂ නත්තල් දේව මෙහෙය දළුපොත ශාන්ත අන්තෝනී සිද්ධස්ථානයේ සිට




අද මැදියම් රැයෙන් උදාවන අසිරිමත් නත්තල වෙනුවෙන් පවත්වන දිව්‍ය නත්තල් පූජාව නෙත් එෆ්. එම්. රේඩියෝව හරහා සජීවීව විකාශය කිරීමට නියමිතයි. ඒ, මීගමුව දළුපොත ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ සිටයි.

අද (24) රාත්‍රී 11.45ට දිව්‍ය නත්තල් පූජාව ආරම්භ කෙරෙනවා. රාත්‍රී 11.30 සිට කැරොල් ගීතිකා නෙත් එෆ් එම් රේඩියෝව ඔස්සේ සජීවීව ශ්‍රවණය කිරීමටද අවස්ථාව හිමිවනවා.

ඒ සඳහා සියළු කටයුතු සූදානම් බවයි එහි සිටින නෙත් එෆ්. එම්. විශේෂ නියෝජිත දර්ශන බණ්ඩාර පැවසුවේ.