Saturday, May 11, 2024

General line - 0115112241

ශ‍්‍රීපාදයේ මත්ද්‍රව්‍ය වැටලීම්වලට පොලිස් නිල සුනඛයින් (PHOTOS)




මත්ද්‍රව්‍ය රැගෙන ශ‍්‍රීපාද වන්දනාවේ පැමිණෙන තරුණ පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිල සුනඛයින්ගේ සහය ලබාගෙන තිබෙනවා.

ශ‍්‍රී පාද වන්දනා වාරය ආරම්භ වීමත් සමග පසුගිය සතියේ දී මත්ද්‍රව්‍ය රැගෙන ආ තරුණ පිරිස් අත්අඩංගුවට ගැණුනා.

උත්සව සමයත් සමග වැඩි පිරිසක් ශ‍්‍රීපාද වන්දනාවේ යෙදෙන බැවින් මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා ප‍්‍රථම වරට පොලිස් නිල සුනඛයින් යොදා ගැනීමටයි තීරණය කර ඇත්තේ.

ඒ සඳහා හැටන් පොලිස් කොට්ඨාසයේ බෙල්ජියම් මයිනෝල්ඩ් කෝරා නමැති සුනඛයාගේ සහාය ලබා ගැනීමට නියමිතයි.

hatton-www-nethnews-lk001 hatton-www-nethnews-lk002 hatton-www-nethnews-lk003 hatton-www-nethnews-lk004 hatton-www-nethnews-lk005 hatton-www-nethnews-lk006 hatton-www-nethnews-lk007