Thursday, April 25, 2024

General line - 0115112241

කැලෑ ගිනි තැබුවොත් පොලීසියෙන් වෙඩි




කැළෑ ගිනි තබන අවස්ථාවන්හිදී මිනිස් ජීවිත හා දේපළ බේරා ගැනීම සදහා වෙඩි තැබීමේ බලයක් පොලීසියට ඇතැයි බදුල්ල ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී ධම්මික වීරසේකර මහතා ප‍්‍රකාශ කළා. ඒ, බදුල්ල දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේ ඊයේ පැවති සාකච්ඡාවකදීයි.

පොලීසියට එවැනි බලයක් පවතින්නේ දැයි නෙත් නිවුස් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගෙන්ද විමසීමක් කළා. ඔහු පැවසුවේ කිසියම් අයෙකුගේ ජීවිතයක් බේරා ගැනීම වෙනුවෙන් එවැනි කි‍්‍රයාමාර්ගයක් ගැනීමට පොලිසියට බලයක් පවතින බවයි.

බදුල්ල දිස්ති‍්‍රක්කයේ කැළැ ගිනි තැබීම් බහුලව සිදුවීම නිසා පවතින ගැටළුකාරී තත්ත්වය පිළිබද ඊයේ (12) බදුල්ල දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේදී සාකච්ඡාවට ගැණුනා. එහිදි අනාවරණ වුණේ මෙම වසරේ ගත වූ මාස 6 තුළදී කැළෑ ගිනි තැබීම් 80 ක් පමණ බදුල්ල දිස්ති‍්‍රක්කය තුළ සිදුව ඇතැයි බදුල්ල දිස්ති‍්‍රක් ලේකම් නිමල් අබේසිරි මහතා පැවසුවා.

මේ අතර නමුණුකුල රක්‍ෂිතයේ තුන්මාලය කන්ද රක්‍ෂිතයට ගිනි තැබූ වතු කම්කරුවෙකු ලබන 21 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ බදුල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයේ නියෝගයක් අනුවයි. නීතිවිරෝධී මත්පැන් වැටලීමකට එම ප‍්‍රදේශයට ගිය පොලිස් කණ්ඩායමක් රක්‍ෂිතයට ගිනි තබන අවස්ථාවේදීම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.