Friday, March 29, 2024

General line - 0115112241

ජනපති සහ අගමැතිගේ නත්තල් දින පණිවුඩය




ජේසුස් ක‍්‍රිස්තුන් වහන්සේගේ උපත සමරන අසිරිමත් නත්තල අද (24) මධ්‍යම රාත‍්‍රියේ උදා වනවා.

එය සැමරීම සඳහා ලොව පුරා කිතුනු බැතිමතුන් සූදානමින් සිටිනවා. මධ්‍යම රාත‍්‍රියේ දී සියලු දේවස්ථානයන්හි දී දේව මෙහෙයන් පැවැත්වීමට නියමිතයි.

මේ අතර අසිරිමත් නත්තල වෙනුවෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

සියල්ලන් කෙරෙහි පේ‍්‍රමය දායද කරමින් නත්තලේ සැබෑ පණිවිඩය වන සතුට සහ දයාවෙන් මනුසත් බව පැහැබර කරන්නාවූ උත්කර්ෂවත් නත්තලකට සියලූ කිතුනු බැතිමතුන් වෙත සුභාශිංෂණය පල කරන බවයි එහි දැක්වෙන්නේ.

xmas-message-sinhala

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ද නත්තල වෙනුවෙන් සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කළා. ජේසුස් ක‍්‍රිස්තුස් වහන්සේ මුළු මානව වර්ගයාටම වලංගු පණිවිඩයක් ලබා දී තිබෙනවා.

බොහෝ මනුෂ්‍යයන් තමන්ගේ වැරදි නොදකින අතර අනුන්ගේ වැරදි පමණක් දැකීමට පුරුදු වී සිටිනවා. ජේසූස් වහන්සේ කන්ද උඩ දේශනයේ අපට කියාදුන් ප‍්‍රධානම ඔවදනක් වන්නේ අනුන් විනිශ්චය කිරීමට තමන් භාවිත කරන මිනුම් දණ්ඩ තමන්ට ද ආදේශ වන බවයි.

ක‍්‍රිස්තුස් වහන්සේගේ එම පණිවිඩය වත්මන් සමාජයට ද මැනවින් උචිත වන බවයි අග‍්‍රාමාත්‍යවරයා සිය සුභ පැතුම් පණිවිඩයෙන් පෙන්වා දෙන්නේ.

christmas-message-sinhala-2016

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද ලබන්නා වූ නත්තල වෙනුවෙන් සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

%e0%b6%b1%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b6%bd%e0%b7%8a-%e0%b6%b4%e0%b6%ab%e0%b7%92%e0%b7%80%e0%b7%92%e0%b6%a9%e0%b6%ba