Thursday, April 25, 2024

General line - 0115112241

ගුණරත්න වීරකෝන් ආසන සංවිධායක ධුරය අත්හැරීමට හේතු කියයි




තමන් ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වූයේ නවකයෙකුට අවස්ථාව ලබාදීමේ අරමුණින් බව හිටපු අමාත්‍ය ගුණරත්න වීරකෝන් පවසනවා.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කරන්දෙණිය ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කළ හිටපු අමාත්‍යවරයා අද එම ධුරයෙන් ඉල්ලා අස්වුණා.

සිය තීරණය සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමක දී ගුණරත්න වීරකෝන් හිටපු අමාත්‍යවරයා මෙලෙස කරුණු දැක්වූවා.

“මේක හදිසියේම ගත්ත තීරණයකුත් නෙමෙයි. මම 1991 කරන්දෙණිය මැතිවරණ කොට්ඨාසයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක හැටියට අපේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය තමයි මට පත්වීම ලබාදුන්නේ. 1991 සිට පසුගිය දවස් වෙනකම් මම සංවිධායක තනතුරු දරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවශ්‍ය ඒ කටයුතු නොපිරිහෙලා ඉටුකළා. නමුත් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ මම පරාජ වුණාට පසුව මට මේ කටයුතු ඉදිරියට පවත්වගෙන යන්න මානසික ශක්තියකුත් නැහැ. ශාරීරික වශයෙනුත් මට ඒ ශක්තිය නැහැ. ඒ නිසා මම තීරණයක් ගත්තා. සංවිධායක ධූරයෙන් අස්වෙලා තව දක්ෂයෙකුට මේ අවස්ථාව ලබාදෙන්න පුළුවන් නම් ඒකට පාරකපන්න”.

තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට සහ පක්ෂ මහ ලේකම්වරයාට යොමු කළ බව ද ඔහු සඳහන් කළා.