Friday, April 26, 2024

General line - 0115112241

පුංචි ඡන්දෙට අපිට හදිස්සියක් නැහැ




පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වීමට හෝ එහි වෙනත් කටයුතු සදහා දැන් සිටම සූදානම් වීමට සිය පක්‍ෂයට අවශ්‍යතාවක් නොමැති බව එක්සත් ජාතික පක්‍ෂය පවසනවා. අමාත්‍ය දයා ගමගේ මහතා පැවසුවේ ඒ වෙනුවෙන් දෙසතියක කාලයක් තමන්ට ප‍්‍රමාණවත් වන බවයි.‍

පළාත් පාලන මැතිවරණය සදහා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය අපේක්‍ෂකයන් තෝරා ගැනීම සදහා ඊයේ සම්මුඛ පරීක්‍ෂණ ආරම්භ කළා. ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් දයා ගමගේ මහතා මේ බව ප‍්‍රකාශ කළා.