Thursday, April 25, 2024

General line - 0115112241

ජයසූරිය ප්‍රමුඛ ක්‍රිකට් තේරීම් කමිටුව ගෙදර යන්න සැරසෙයි




සනත් ජයසූරිය ප‍්‍රමුඛ ක‍්‍රිකට් තේරීම් කමිටුව සිය ධුරවලින් ඉල්ලා අස්වීමේ සූදානමක් පවතින බව වාර්තා වනවා.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් එල්ල වන බලපෑම් හේතුවෙන් ඔවුන් අපහසුතාවට පත්ව ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

මෙවර දකුණු අප‍්‍රිකානු සංචාරයට කිසිඳු තේරීම් කමිටු සාමාජිකයෙකු එක් නොවීමට ද තීරණය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී ක‍්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ තේරීම් කමිටු සාමාජිකයින් පූර්ණ වශයෙන් දකුණු අප‍්‍රිකානු සංචාරයේ රැඳී සිටීමට ඉල්ලීමක් කර ඇති බවයි.

කෙසේ වෙතත් ඊට ක‍්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරීන් අකමැත්ත පල කර තිබෙනවා. මෙම තත්වය මත තේරීම් කමිටු සාමාජිකයින් සිය ධුරවලින් ඉල්ලා අස්වීමට සූදානමින් පසුවන බවයි වාර්තා වන්නේ.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස සනත් ජයසූරිය කටයුතු කරන අතර එහි සෙසු සාමාජිකයින් වන්නේ රොමේෂ් කළුවිතාරණ, රංජිත් මදුරුසිංහ සහ එරික් උපශාන්තයි.