Friday, March 29, 2024

General line - 0115112241

ඉන්දියානු ධීවරයින්ට මෙරට මුහුදේ දින 75කට අවසර ඉල්ලයි! උතුරේ ධීවරයින් විරෝධතාවයක




ඉන්දීය ධීවරයන්ට මෙරට මුහුදේ ධීවර කටයුතු සදහා කිසියම් කාලසීමාවක් වෙන්කර දී ඇත්දැයි ඉකුත් දිනවල විවිධ පාර්ශව ප‍්‍රශ්න කළා. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අග‍්‍රාමාත්‍යවරයාගෙන්ද මේ සම්බන්ධයෙන් විමසීමක් කළා. ඒ ශ්‍රීලංකාවට අයත් මුහුදේ ධිවර කර්මාන්තයේ නියැලීමට සිදුවන්නේ ඉන්දියාව සමග බෙදාහදාගෙනද යන්නයි.

ඊට පිළිතුරු ලබාදුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් තීරණයක් ගත යුත්තේ උතුරේ ධීවර ජනතාවගේ ප්‍රතිචාරය මත බවයි.

මේ අතර ඉන්දීය ධීවරයන්ට වසරකට දින 75ක් මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලීමට අවසර ලබාදී ඇති බවටද ඇතැම් පාර්ශව අසත්‍ය තොරතුරු ප‍්‍රචාරය කරන බවයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ. දින 75 ක් තබා තත්පර 75 කට හෝ එවැනි අවසරයක් ලබාදීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව අමාත්‍යවරයා අවධාරණය කළා.

කෙසේ වෙතත් උතුරේ සියලුම ධීවර සමිති වල නියෝජිතයන් සහ ස්වේච්ඡා සංවිධාන රැසක නියෝජිතයින් උතුරු පළාත් සභාව ඉදිරිපිටදී ඊයේ දහවල් උද්ගෝෂනයක නිරත වුණා.ඒ ඉන්දියානු ධීවරයින් මෙරට මුහුදු සීමාව තුළ වසරකට දින 75 හෝ සතියකට දෙදිනක් ධීවර කර්මාන්තයේ යෙදීමට කර ඇති ඉල්ලීමට එකඟ නොවන ලෙසට රජයට බලකරමිනි.