Saturday, April 20, 2024

General line - 0115112241

“අඛණ්ඩව විදුලි සැපයීම ගැටළුවක් – සූර්ය බලශක්තිය සමග එක්වන්න”




අඛණ්ඩව විදුලි බලය සැපයීම බරපතල ගැටළුවක් වී ඇතැයි විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ නොරොච්චෝලෙ විදුලි බලාගාරයෙන් පසු රටේ ප‍්‍රධාන විදුලි බලාගාරයක් ඉදි නොවීම නිසා මෙම ගැටළුව වර්ධනය වී ඇති බවයි.

කළුතර පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප‍්‍රකාශ කළා.

එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ සැප්තැම්බර් 06 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා වන විට සූර්ය බල සංග්‍රාමයෙන් මෙගාවොට් 50 ක් ජාතික පද්ධතියට එක් කිරීමට සමත් වී ඇති බවයි. ජල විදුලිය දිනෙන් දින අර්බුදයට ලක් වෙන්නේ නම් රටට ඇති එකම සහ හොඳම විකල්පය මෙය බවත් සඳහන් කළා.

සූර්ය බලශක්ති සංග‍්‍රාමය සමග සියලු දෙනා එක්විය යුතු බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.