Thursday, April 18, 2024

General line - 0115112241

උදම්මිට සමරේ ගේ ඝාතන වාර්තා මෙන්න




ඝාතන සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් උදම්මිට සමරේ නමැති පාතාල කල්ලි සාමාජිකයාට චෝදනා එල්ල වනවා.

වේයන්ගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේ ඊයේ (24) රාත‍්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් උදම්මිට සමරේ නමැති පාතාල කල්ලි සාමාජිකයා මිය ගියා. එහිදී තවත් අයෙකු තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.

2010 වසරේ දී නිට්ටඹුව වෙළඳ සංගමයේ සභාපතිවරයා ඝාතනය කිරීම උදම්මිට සමරේට එල්ලවන චෝදනාවක්.

2014 වසරේ දී අත්තනගල්ල අධිකරණ භූමියේ දී පුද්ගලයෙකුට කපා කොටා තුවාල සිදු කිරීම ද ඔහුට එරෙහිව එල්ලවන  තවත් චෝදනාවක්.

2015 වසරේ දී නිට්ටඹුව වැලිකඩමුල්ල ප‍්‍රදේශයේ දී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ද මොහුට එරෙහිව චෝදනා එල්ල වනවා.

එමෙන්ම මෙම පුද්ගලයා හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු සමග ද සමීප සබඳතා පවත්වා ඇති බවයි විමර්ශනවල දී අනාවරණ වී ඇත්තේ.