Thursday, April 25, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා පොඩ්ඩන් රුසියාවේදී වැඩ්ඩන් වෙයි!




රුසියාවේ පැවැත්වෙන 06 වැනි ආසියානු පාසල් ජාත්‍යන්තර කී‍්‍රඩා උළෙලේ පදක්කම් සටහනේ 15 වැනි ස්ථානය දිනා ගැනීමට ශී‍්‍ර ලංකාව සමත්ව සිිටිනවා. එ් රන් පදක්කම් 03ක්, රිදී පදක්කම් 03ක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගනිමින්.

ආසියාවේ වේගවත්ම පාසල් කී‍්‍රඩකයා බවට පත් වූ කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයේ ශාලික සන්තුෂ් මීටර් 100 සහ 200 පිරිමි ධාවන ඉසව්වලින් ශී‍්‍ර ලංකාවට රන් පදක්කම් දෙකක් දිනා දුන්නා. බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේ අකලංක පීරිස් ශී‍්‍ර ලංකාවට තවත් රන් පදක්කමක් දිනා දුන්නේ මීටර් සියය පසුපසආර පිහිනුම් ඉසව්වෙන්.

කොළඹ ලූම්බිනි විද්‍යාලයේ අදීෂ අංජන් මීටර් 400 පිරිමි ධාවන ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තා. තුන්පිම්ම කාන්තා ඉසව්වට එක් වූ ගම්පහ හෝලි ක්‍රොස් විද්‍යාලයේ ප‍්‍රසාදි ලක්ෂානි රිදී පදක්කම දිනා ගැනීමට සමත් වුණා. මීටර් 2000 කාන්තා බාධක දිවීමේ ඉසව්වට එක් වූ කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ පාරමී වසන්ති එම ඉසව්වේ රිදී පදක්කම සහ වලල එ් රත්නායක මධ්‍ය විද්‍යාලයේ ලක්ෂානා එ්කනායක එහි ලෝකඩ පදක්කම දිනා ගත්තා.

රටවල් 45ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම කී‍්‍රඩා උළෙලේ 8 වැනි දිනය අදයි.

13664319_10210071826458518_1496880353_n 13672280_10210071825538495_1578423412_n 13672295_10210071824138460_1573778250_n 13689285_10210071827178536_1265711293_n

13689689_10210071822378416_246692813_n

13672253_10210071842338915_709465406_n