Thursday, April 25, 2024

General line - 0115112241

නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයට පුෂ්පාරාම පුදබිමේ සියල්ල සූදානම් (PHOTOS)




දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගේ වන්දනාමානයට පාත‍්‍රවන නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය තවත් නොබෝ වේලාවකින් බණ්ඩාරවෙල ශ‍්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ දී ආරම්භ වනවා.

නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයේ දී සැදැහැවත් ඔබගේ වන්දනාවට පාත‍්‍ර වන්නේ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ශ‍්‍රී ශාක්‍යසිංහ සුගන්ධ කුටියේ තැන්පත් කර ඇති ධාතූන් වහන්සේයි.

ධාතූන් වහන්සේ සුගන්ධ කුටියෙන් පිටතට වැඩම කරනු ලැබූයේ අද (26) අලුයම පැවති කිරි ආහාර පූජාවෙන් පසුවයි. ඉන් අනතුරුව විශේෂ රිය පෙරහැරකින් ධාතූන් වහන්සේ බණ්ඩාරවෙල ශ‍්‍රී පුෂ්පාරාම විහාරස්ථානයට වැඩම කරනු ලැබුවා.

මෙම කටයුතු සඳහා බණ්ඩාරවෙල හින්දු තරුණ සංගමයේ සාමාජිකයින් ද සිය දායකත්වය ලබා දෙනවා. එම සංගමයේ හා බණ්ඩාරවෙල ශ‍්‍රී ශිව සුබ‍්‍රමනියම් ස්වාමි දේවස්ථානයේ පාලක මණ්ඩලයේ සභාපති ඒ. ගනේෂන් ඒ පිළිබඳව මෙලෙස අදහස් දැක්වූවා.

සමස්ත රටටම ආශිර්වාද හිමිවන මෙවැනි පිංකම් සංවිධාන කිරීම ඉතා වැදගත් බවයි බණ්ඩාරවෙල ශ‍්‍රී ශිව සුබ‍්‍රමනියම් ස්වාමි දේවස්ථානයේ පාලක මණ්ඩලයේ සභාපතිවරයා කියා සිටියේ.

නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයට සමගාමීව සවස 6.00ට පූජ්‍ය මැදිරිගිරියේ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ විසින් සිදු කරනු ලබන අෂ්ඨපාන ගිලන්පස පූජාවක් පැවැත්වෙනවා.

පූජ්‍ය වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ සිදු කරනු ලබන ධර්ම දේශනය ආරම්භ වන්නේ රාත‍්‍රී 7.00ටයි. අෂ්ඨපාන ගිලන්පස පූජාව සහ ධර්ම දේශනය නෙත් එෆ්. එම්. රේඩියෝව ඔස්සේ සජීවීව ඔබ වෙත සමීප කිරීමටද සියලූ කටයුතු සූදානම් කර තිබෙනවා.

neth-11

neth-12

neth-18

neth-19


ධාතූන් වහන්සේ රැගත් විශේෂ රිය පෙරහැර පුෂ්පාරාම විහාරස්ථානයට 

Dec 26, 2016 @ 11:00

නේත‍්‍රාභිවන්දනා ධාතු නමස්කාරයේ දී සැදැහැවත් ඔබගේ වන්දනාමානයට පාත‍්‍ර වන ධාතූන් වහන්සේ රැගත් රිය පෙරහැර මීට නොබෝ වේලාවකට පෙර බණ්ඩාරවෙල ශ‍්‍රී පුෂ්පාරාම විහාරස්ථානය වෙත පැමිණියා.

ධාතූන් වහන්සේ වෙනුවෙන් දහවල් සම්බුද්ධ පූජාව පැවැත්වීමෙන් අනතුරුවයි සැදැහැවත් ඔබ වෙනුවෙන් නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය ආරම්භ වන්නේ.

neth-1 neth-2 neth-3 neth-4 neth-5 neth-6 neth-7 neth-8 neth-9 neth-10   neth-13 neth-14 neth-15 neth-16 neth-17


ධාතූන් වහන්සේ බණ්ඩාරවෙල ශ‍්‍රී පුෂ්පාරාම විහාරස්ථානයට වැඩම කිරීම ඇරඹේ(UPDATE)

Dec 26, 2016 @ 08:20

නේත‍්‍රාභිවන්දනා ධාතු නමස්කාරය යටතේ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ශ‍්‍රී ශාක්‍යසිංහ සුගන්ධ කුටියේ තැන්පත් කර තිබූ ධාතූන් වහන්සේ බණ්ඩාරවෙල ශ‍්‍රී පුෂ්පාරාම විහාරස්ථානය දක්වා වැඩම කිරීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

ඒ, නෙල්ලිගල බෞද්ධ මධ්‍යස්ථානයේ පැවති විශේෂ කිරි ආහාර පූජාවකින් පසුවයි.

ශ‍්‍රී සර්වඥ ධාතූන් වහන්සේ සහ මහ රහතන් වහන්සේගේ ධාතූන් වහන්සේ වැඩිම ප‍්‍රමාණයක් එකවර වන්දනාමාන කර ගැනීමට සැදැහැවත් බෞද්ධ ජනතාවට අවස්ථාව හිමිවන නේත‍්‍රාභිවන්දනා ධාතු නමස්කාරය ආරම්භ වන්නේ අද (26) පස්වරු 01.00ටයි.


නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය අද ඇරඹෙයි

Dec 26, 2016 @ 06:52

දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගේ වන්දනාමානයට පාත‍්‍රවන නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය අද (26) ආරම්භ වනවා. ඒ, බණ්ඩාරවෙල ශ‍්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදීයි.

ලබන 28 වනදා තෙක් සැදැහැවත් ඔබට ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට අවස්ථාව උදා වනවා. ශ‍්‍රී සර්වඥ ධාතූන් වහන්සේ සහ මහ රහතන් වහන්සේගේ ධාතූන් වහන්සේ වැඩිම ප‍්‍රමාණයක් එකවර වන්දනාමාන කර ගැනීමට ශ‍්‍රී ලාංකික සැදැහැවතුන්ට උදාවන ඒ දුර්ලභ අවස්ථාව පිළිබඳවයි මේ සටහන.

නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයේ දී සැදැහැවත් ඔබගේ වන්දනාවට පාත‍්‍ර වන්නේ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ශ‍්‍රී ශාක්‍යසිංහ සුගන්ධ කුටියේ තැන්පත් කර ඇති ධාතූන් වහන්සේයි.

මේ ඒ පිළිබඳ අදහස් දක්වන නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති, යටිහලගල රජමහා විහාරාධිකාරී පූජ්‍ය වතුරුකුඹුරේ ධම්මරතන හිමියන්.

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ශ‍්‍රී ශාක්‍යසිංහ සුගන්ධ කුටියේ තැන්පත් කර ඇති ධාතූන් වහන්සේ පිටතට වැඩම කරවීමට පෙර කිරි ආහාර පූජාවක් ද සිදු කෙරෙනවා.

බණ්ඩාරවෙල පොලිස් ස්ථානය අසළින් ධාතූන් වහන්සේ රැගත් පෙරහැර ආරම්භ වීමට නියමිතයි.

නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය ආරම්භ වන්නේ සවස 1.00 ටයි. සවස 6.00ට පූජ්‍ය මැදිරිගිරියේ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ විසින් සිදු කරනු ලබන අෂ්ඨපාන ගිලන්පස පූජාවට ද සැදැහැවත් ඔබට එක්විය හැකියි.

පූජ්‍ය වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ සිදු කරනු ලබන ධර්ම දේශනය රාත‍්‍රී 7.00ට ආරම්භ වනවා. අෂ්ඨපාන ගිලන්පස පූජාව සහ ධර්ම දේශනය නෙත් එෆ්. එම්. රේඩියෝව ඔස්සේ සජීවීව ඔබ වෙත සමීප කිරීමටයි සියලු කටයුතු සූදානම් කර ඇත්තේ.