Thursday, April 25, 2024

General line - 0115112241

පිලිපීනයට දරුණු සුළි කුණාටුවකින් බලපෑම්




ප‍්‍රබල සුළි කුණාටුවක් හේතුවෙන් පිලිපීනයට බලපෑම් එල්ල වී තිබෙනවා. මේ හේතුවෙන් පැයට කිලෝමීටර් 140කට වඩා වැඩි වේගයෙන් සුළං හමා යනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

මීට පෙර ප‍්‍රකාශ වී තිබුණේ පැයට කිලෝමීටර් 255ක වේගයෙන් සුළං හමා යනු ඇති බවටයි. එහෙත් සුළි කුණාටුව දුර්වල වී ඇති බව එරට කාලගුණ බලධාරීන් පවසනවා.

කෙසේ වෙතත් සුළි කුණාටුව හේතුවෙන් අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට මේ වනවිට ද පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍යයන්හි සඳහන්.

පිලිපීනයේ වැඩිම පිරිසක් ජීවත් වන මැනිලා අගනුවරට සුළි කුණාටුවේ බලපෑම අද (26) පස්වරුව වනවිට දැනෙනු ඇති බවට ද විශ්වාසය පල වනවා.