Thursday, April 25, 2024

General line - 0115112241

රුසියානු ගුවන් යානයේ සුන්බුන් සොයා 3000ක් කළු මුහුදේ




පුද්ගලයින් අනූ දෙදෙනෙකුට මරු කැඳවමින් කළු මුහුදට කඩා වැටුණු රුසියානු හමුදා ගුවන් යානයේ සුන්බුන් සොයා මේ වනවිට දැවැත්න මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. ඒ, සෝචි ගුවන් තොටුපල ආසන්න මුහුදු තීරයේදීයි.

ඒ සඳහා සහභාගී වී ඇති සංඛ්‍යාව තුන් දහසකට අධිකයි. ඊට කිමිදුම්කරුවන් 109 ක් ද ඇතුළත්. මීට අමතරව නෞකා, ගුවන් යානා, හෙලිකොප්ටර් යානා සහ සබ්මැරීන් ද ඒ සඳහා එක්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත් මේ දක්වා සොයාගෙන ඇත්තේ පුද්ගලයින් 11 දෙනෙකුගේ සිරුරු පමණයි. මෙම ගුවන් අනතුර හේතුවෙන් අද දවස රුසියාවේ ජාතික ශෝක දිනයක් ලෙස ප‍්‍රකාශයට පත්කර තිබෙනවා.

ලෝක ප‍්‍රකට හමුදා සංගීත කණ්ඩායමක සාමාජිකයින්, සොල්දාදුවන්, මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් රැගත් මෙම ගුවන් යානය අනතුරට ලක්වූයේ රුසියාවේ සිට සිරියාව බලා පියාසර කරමින් තිබියදීයි.