Saturday, April 20, 2024

General line - 0115112241

මහා ධාතු නමස්කාරයට එක් වූ සැදැහැවතුන් ‘නෙත්’ වෙත තුති පුදයි (UPDATE)




නෙත් එෆ්.එම්. රේඩියෝව සංවිධාන කරන නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය මේ වන විට බණ්ඩාරවෙල ශ‍්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී පැවැත්වෙනවා.

ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට විශාල පිරිසක් මේ වන විටත් දිගු පෝලිම්වල රැඳී සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පවසන්නේ.

බුදුරජාණන් වහන්සේගේ කේෂ ධාතූන් වහන්සේ, අස්ථි ධාතූන් වහන්සේ මෙන්ම මහරහතන් වහන්සේලා දස නමකගේ ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට මෙහිදී සැදැහැවතුන්ට අවස්ථාව හිමි වනවා.

මේ අතර නේත‍්‍රාභිවන්දනා ධාතු නමස්කාරය හා එක්වෙමින් මහත් ශ‍්‍රද්ධාවෙන් ධාතූන් වහන්සේ වැඳපුදාගත් සැදැහැවතුන් නෙත් නිවුස් වෙත  අදහස් පළ කර සිටියා.

(එම හඬපටය පහතින් අහන්න)

ලබන 28 වෙනිදා දක්වා මෙම මහා පිංකම ශ‍්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී පැවැත්වෙනවා. අද දිනයේ රාත‍්‍රී 10.00 වන තෙක් ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව හිමිකර දී තිබෙනවා.

නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයේ  දෙවන දිනය වන හෙට (27) ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව හිමිවන්නේ උදෑසන 9.30 සිටයි.

නේත‍්‍රාභිවන්දනා ධාතු නමස්කාරයේදී බුදුරජාණන් වහන්සේගේ කේෂ ධාතූන් වහන්සේ, අස්ථි ධාතූන් වහන්සේ මෙන්ම මහරහතන් වහන්සේලා දස නමකගේ ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව හිමි වනවා.

මෙරට ජනතාවට එකවර වැඩිම ධාතූන් වහන්සේ ප‍්‍රමාණයක් වැඳපුදා ගැනීමට හිමිවන එකම අවස්ථාව ද මෙයයි. ලබන්නා වූ නව වසරේ රටට මෙන්ම සියලු පුරවැසියන්ට යහපත ප‍්‍රාර්ථනා කරමින් මෙම පිංකම පැවැත්වෙනවා.

15713120_10211734943755411_798595311_n 15713362_10211734942355376_462440089_n

මහා ධාතු නමස්කාරයට සමගාමීව පැවැත්වෙන අෂ්ඨපාන ගිලන්පස පූජාව සූදානම් කෙරේ (UPDATE)

(Dec 26, 2016 @ 17:15)

නෙත් එෆ්.එම්. රේඩියෝව සංවිධාන කරන නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයට එක්ව ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට තවදුරටත් විශාල වශයෙන් සැදැහැවතුන් බණ්ඩාරවෙල ශ‍්‍රී පුෂ්පාරාම විහාරස්ථානයට පැමිණෙමින් සිටිනවා.

නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයට සමගාමීව අද (26) පස්වරුවේ පැවැත්වෙන අෂ්ඨපාන ගිලන්පස පූජාව සඳහා මේ වන විට කටයුතු සූදානම් වෙමින් පවතින බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරුවන් සඳහන් කළේ.

එම අවස්ථාව පස්වරු 6.00 සිට සජීවීව නෙත් එෆ්.එම්. රේඩියෝව ඔස්සේ විකාශය කිරීමට නියමිතයි.

15712907_10211734847993017_1484499031_n 15713022_10211734848233023_35787899_n 15730980_10211734847953016_1334964687_n


නේත‍්‍රාභිවන්දනා ධාතු නමස්කාරයේ ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට විශාල පිරිසක්

(Dec 26, 2016 @ 13:46)

 

දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගේ වන්දනාමානයට පාත‍්‍රවන නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය බණ්ඩාරවෙල ශ‍්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ දී මීට නොබෝ වේලාවකට පෙර ආරම්භ වුණා.

අද (26) අලුයම සිටම විශාල පිරිසක් පුෂ්පාරාම විහාරස්ථානයට පැමිණෙමින් සිටින බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.

නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය යටතේ අද (26) රාත‍්‍රී 10 තෙක් ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමේ අවස්ථාව උදා වනවා.

මීට සමගාමීව සවස 6.00ට අෂ්ඨපාන ගිලන්පස පූජාව පවත්වනු ලබන්නේ පූජ්‍ය මැදිරිගිරියේ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ විසින්. පූජ්‍ය වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ සිදු කරනු ලබන ධර්ම දේශනය රාත‍්‍රී 7.00ට ආරම්භ වීමට නියමිතයි.

01 02 03 04 05 06 07 08 09 10 11 12 13 15683538_10211733635442704_1750906809_n 15722433_10211733661323351_880512589_n 15722679_10211733662763387_1360039529_n 15723883_10211733662843389_566749582_n 15723906_10211733638562782_105193869_n 15724202_10211733662523381_1140334257_n 15724293_10211733662203373_568752938_n 15730938_10211733661363352_866403714_n 15731445_10211733635402703_375314350_n 15731652_10211733661963367_1730459292_n 15749530_10211733661283350_1659288021_n