Thursday, April 25, 2024

General line - 0115112241

සමලිංගික විවාහයට එරෙහිව තායිවාන වැසියන් වීදි බසී (VIDEO)




සමලිංගික විවාහ නීතිගත කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව දහස් ගණන් තායිවාන වැසියන් වීදි බැස තිබෙනවා.

තායිවාන පාර්ලිමේන්තුව අදාළ පනත් කෙටුම්පත සැලකිල්ලට ගැනීමට ගනු ලැබූ තීරණයත් සමග එරට ජනතාව තායිපේ අගනුවරදී මෙලෙස විරෝධතාවල නිරත වූ බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

තායිවාන පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුළට බලහත්කාරයෙන් ඇතුළු වීමට තැත් කළ විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ගැටුම් හටගත් බවද විදෙස් වාර්තාවල සඳහන්.

මෙම පනත් කෙටුම්පතට අනුමැතිය හිමි වුවහොත් තායිවානය සමලිංගික විවාහ නීතිගත කළ ආසියාවේ පළමු රට බවට පත්වනවා.

කෙසේ වෙතත් එරට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් බහුතරයක් පනතට එරෙහි වනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.