Friday, March 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා පිල තවමත් පිටුපසින් (UPDATE)




ශ‍්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දෙවන දිනය වූ අද (27) අයහපත් ආලෝක තත්වය හේතුවෙන් නියමිත වේලාවට පෙර තරගය නතර කිරීමට සිදු වුණා.

පළමු ඉණිම සඳහා පන්දුවට පහරදෙන ශ‍්‍රී ලංකා කණ්ඩායම තරගය නතර කරන විට කඩුලු 7 ක් දැවී ලකුණු 181 ක් ලබා සිටියා.

දකුණු අප‍්‍රිකානු පළමු ඉණිම ලකුණු 286යි. ඒ අනුව ශ‍්‍රී ලංකා කණ්ඩායම කඩුලු 03 ක් අතැතිව දකුණු අප‍්‍රිකාවට වඩා තවත් ලකුණු 105 ක් පිටුපසින් පසුවනවා.


ශ්‍රී ලංකා පිලට දකුණු අප්‍රිකාවෙන් දැඩි පීඩනයක්

(Dec 27, 2016 @ 15:04)

ශ‍්‍රී ලංකා – දකුණු අප‍්‍රිකා ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දකුණු අප‍්‍රිකානු පළමු ඉණිම ලකුණු 286කට සීමා වුණා.

ඊයේ (26) තරගය නතර කරන විට ඔවුන් කඩුලූ 6 ක් දැවී ලකුණු 267 ක් ලබාගෙන සිටි අතර අද (27) දිනයේ දී ලකුණු 19 ක් අතුළත ඔවුන්ගේ ඉතිරි කඩුලු 4 ම බිඳ වැටුණා.

ජේ. පී. ඩුමීනි ලකුණු 63යි.

සුරංග ලක්මාල් ලකුණු 63 කට කඩුලු 05 ක් දවා ගත්තා. ඔහු විසින් ටෙස්ට් තරගයක ඉණිමක දී කඩුලු පහක් දවාගත් පළමු අවස්ථාව ද මෙය වනවා.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉණිම ආරම්භ කිරීම සඳහා පිටියට පිවිසියේ දිමුත් කරුණාරත්න සහ කෞෂාල් සිල්වායි.

එහෙත් මුළු ලකුණු සංඛ්‍යාව 10 ක්ව තිබිය දී දිමුත් කරුණාරත්න ලකුණු 05කට දැවී ගියා.

අනතුරුව පිටියට පිවිසි කුසල් ජනිත් පෙරේරාට ලබාගත හැකිවූයේ ලකුණු 07 ක් පමණයි. මුළු ලකුණු සංඛ්‍යාව 19ක්ව තිබිය දී ඔහු දැවී ගියා.