Saturday, April 20, 2024

General line - 0115112241

මරණයේ පුවත අැසූ Facebook හිතවතෙක් අගමැති වික්‍ර‍මනායක ගැන කියන මෙතෙක් නොඇසූ කතාවක්…



තිස් වසරක් පැවති කුරිරු ත්‍ර‍ස්තවාදය අවසන් කරනවිර මෙරට අගමැතිවරයා වූයේ රත්නසිරි වික්‍ර‍මනායක මහතාය. එකල ඔහු කොතැන ගියත් කියන්නේ රණවිරුවන්ගේ, ඔවුන්ගේ පවුල්වල මෙන්ම කොටි ත්‍ර‍ස්තවාදයට එරෙහි ජනතාව ප්‍රමොදයට පත් කරන කතාය.

“අපිට ගැහුවොත් අපිත් ගහනවා“ යන්න ඉන් වඩාත්ම ජනප්‍රිය කියමන විය. මතු දැක්වෙන්නේ එතුමා යුද්ධය සමයේ වරින්වර කියූ ජනප්‍රිය කියමන් කිහිපයකි.

“දැන් මා ජීවත්වන්නේ මරුවාත් සමග මා අගමැතිකමෙන් ඉවත් වන්නේ මේ රටේ ත්‍රස්‌තවාදය නැති කළ දාටයි.”, “අද අප ජීවත්වන්නේ මාරයා සමගයි. ඒත් ප්‍රශ්නයක්‌ නැහැ“, “වසර තුනකට ස්‌වෙච්ඡා පදනමකට හෝ තරුණයන් හමුදාවට බඳවා ගෙන යුද්ධය ඉවරයක්‌ කළ යුතුයි“, “අප ජීවත්ව සිටින තුරු රට බෙදන්න දෙන්නේ නෑ“, “සතුරා දන්නේ තුවක්‌කුවේ භාෂාව නම් එයින්ම පිළිතුරු දීමට අපටත් සිදු වෙනවා“, “බඩ ගාගෙන ගිහිල්ලා ආධාර ගන්නවාට වඩා නිදහස රැකගෙන බඩගින්නේ මැරෙන එක හොඳයි“, “අපේ රටේ ප්‍රශ්නවලට ඇඟිලි ගැසීමට ජාත්‍යන්තර ප්‍රජාවට කිසිදු අයිතියක්‌ නැහැ“, “මුදලට රට පාවා දෙන්නන්ට එළව එළවා පහර දිය යුතුයි.“

මෙවන් ප්‍ර‍කාශ නිසාත්, රටේ අගමැතිවරයා මෙන්ම ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයාත් නිසා අගමැති රත්නසිරි වික්‍ර‍මනායකට කොටි තර්ජනයෙන් අඩුවක් වූයේ නැත. කෙසේ වෙතත් ගැමියෙකු ඔහු ඒ කිසිවකින් සැලුනේද නැත. ඇතැම්විට ඔහු විඩා නිවා ගත්තේ මහ මග පදික වේදිකාවක් අයිනේ බව බොහෝ දෙනෙකු නොදන්නවා විය යුතුය. එවැනි අවස්ථාවක් සම්බන්ධයෙන්, ඔහුගේ මරණය පිළිබඳ පුවත www.nethnews.lk වෙබ් අඩවියෙන් දැනගත් ඩොනල්ඩ් ජයවර්ධන Facebook ඔස්සේ මේසේ සටහන් කොට තිබෙනවා.

“ඔබට අජරාමර නිවන් සුව ලැබේවා……
එක දවසක් අපි ඉස්කෝලෙ ගිහිල්ල එනකොට ( කොටි කලබල කාලෙ ) ඇඹිලිපිටියෙ සරත්චන්ද්‍ර එක ලඟ කලු පාට කාරෙකක් නවත්වල තිබුන ඒකට ඉස්සරහින් එස් ටී එෆ් ජීප් දෙක තුනකුත්. නවත්තල තිබුන. කලු පාට කාර් එකේ හිටපු වයසක කෙනෙක් දොරක් ඇරගෙන බනිස් ගෙඩියක් කකා ප්ලේන්ටි එකක් බිබී හිටියෙ ඒ තමයි එදා රටේ අගමැති. ඔබ තුමාට නිවන්සුව ලැබේවා….!!!“

02