Friday, April 19, 2024

General line - 0115112241

වෙරළේ මත්පැන් තහනම්…




ඕස්ටේ‍්‍රලියාවේ සුප‍්‍රකට සිඞ්නි වෙරලේ මත්පැන් භාවිතය තාවකාලිකව තහනම් කර තිබෙනවා. ලබන පෙබරවාරී මාසය දක්වා මෙම තහනම බලපැවැත්වෙනු ඇති.

සිඞ්නි වෙරලේ පරිපාලන බලය හිමි රැන්වික් නගර සභාව කියා සිටියේ මත්පැන් භාවිත කරන පිරිස් ඉතිරිවන ආහාර කැබලි, බෝතල්, දුම්වැටි අසුරණ ආදිය වෙරලේ දමා යාමෙන් වෙරල අපවිත‍්‍ර වන බවයි. ඒ බව සැලකිල්ලට ගෙන අදාළ තහනම පැන වූ බව රැන්වික් නගර සභාව පැවසුවා.

ඉකුත් නත්තල් දිනයේ දී පමණක් සිඞ්නි වෙරලේ ගොඩගැසී තිබුණු අපද්‍රව්‍ය ප‍්‍රමාණය කිලෝග‍්‍රෑම් පහළොස් දහසක්.