Wednesday, April 24, 2024

General line - 0115112241

හිටපු අගමැතිගේ අවසන් පාර්ලිමේන්තු ගමන




අභාවප‍්‍රාප්ත හිටපු අග‍්‍රාමාත්‍ය රත්නසිරි වික‍්‍රමනායක මහතාගේ දේහය අද (28) පෙරවරුවේ ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ආවා. දේහය භාර ගත්තේ කථානායක කරූ ජයසූරිය, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක්. පසුව එම දේහය විශේෂයෙන් සකස් කළ පීඨිකාවක තැන්පත් කෙරුණා.

දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා වත්මන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් මෙන්ම පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ද එක්ව සිටි බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ. රත්නසිරි වික‍්‍රමනායක මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විදුර වික‍්‍රමනායක ඇතුළු ඒ මහතාගේ පවුලේ ඥාතීන් ද පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණ සිටියා.

rw-www-nethgossip-lk001 rw-www-nethgossip-lk002 rw-www-nethgossip-lk003 rw-www-nethgossip-lk004 rw-www-nethgossip-lk005 rw-www-nethgossip-lk006 rw-www-nethgossip-lk007 rw-www-nethgossip-lk008 rw-www-nethgossip-lk009 rw-www-nethgossip-lk010