Saturday, April 20, 2024

General line - 0115112241

අකාලයේ මියගිය අලි ඇතුන් ගැන වාර්තාවක්




මෙම වසරේ මුල් මාස 6 තුළ වයඹ හා අනුරාධපුර වනජීවී කලාප තුළ පමණක් වනඅලින් සහ ඇතුන් 37 දෙනෙකු අකාලයේ මියගොස් ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම සත්ත්වයින්ගෙන් 15 දෙනෙකු පමණ මියගොස් ඇත්තේ වෙඩි වැදීමෙන් බවයි වයඹ හා අනුරාධපුර වනජීවී කලාප භාර පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා කියා සිටියේ.

හක්කපටස්, වස විෂ සහ විදුලිසැර වැදීමෙන් තවත් අලි ඇතුන් 18 දෙනෙකු පමණ මියගොස් තිබෙනවා. අකුණුසැර වැදීමෙන් ද වනඅලින් 4 දෙනෙකු මියගොස් ඇති බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.